බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 150,000 ඉක්මවා ගොස් තිබේ.

කෙසේවෙතත් එරටින් වාර්තා වන කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව පහළ යමින් පවතින බව විදෙස් මධ්‍ය පවසයි. 

ලොව කොවිඩ් ආසාදිතයින් වාර්තා වන රටවල් අතර තුන්වන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ මේ වනවිට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 5,091,840 කි.

එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් කොවිඩ් ව්‍යාප්තියේ අවදානම තවදුරටත් අවතක්සේරුවට ලක් කරමින් සිටින බවට ද විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මෙන්න බලන්න තවත් පුවත්