20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් පත් කළ කමිටුව හරහා නිර්දේශ ඉදිරිපත් කර සහයෝගය ලබා දුන්නද පක්ෂයේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන කරමින් පැලැස්තර දමනවා වෙනුවට රටට ගැළපෙන කාලෝචිත නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට බහුතර බලයක් ලැබී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එම නිසා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පක්ෂය විසින් නිර්දේශ ඉදිරිපත් කර පූර්ණ සහයෝගය ලබා දෙන බවද කී ඇමැතිවරයා පක්ෂයේ පූර්ණ අවධානය යොමු වී තිබෙන්නේ 19 ත් 20 නැති නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්