කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් දේශීය ඖෂධ දෙකක් නිපදවා තිබේ.

ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ඖෂධ නිපදවා ඇත.

ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් මෙසේ නිපදවා ඇති අතර එය හෙට දිනයේ දී එළිදැක්වීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ මෙම ඖෂධ වර්ග දෙකම සම්පූර්නයෙන්ම දේශීය ශාකසාර යොදාගෙන නිෂ්පාදනය කර ඇති බවයි.

මේ වන විටත් එම ඖෂධය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්