මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත මූලික කරගෙන ඇති වී තිබෙන කොරෝනා පොකුර ආසාදිතයන් ප්‍රමාණය 1083ක් දක්වා ඉහල ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ එම පොකුරේ බහුතරයක් ආසාදිතයන් රෝගී ලක්ෂණයන් වලින් තොර පුද්ගලයන් බවයි.

එනිසා ඔවුනගේ දෙවැනි තුන්වැනි ආශ්‍රිතයන් හමු වීමේ ඉඩකඩක් ඉදිරි දින කිහිපයේදී ඇති නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව අනුගමනය කිරීම අනිවාර්ය බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත ආසාදන ප්‍රමාණය 4500 දක්වා ඉහළ ගොස් ඇත.

මෙන්න බලන්න තවත් පුවත්