කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති පාසල් සිසුවෙකුව හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙස හඳුනා ගෙන ඇති පාසල් සිසුවා ආරච්චිකට්ටුව, අඩිප්පල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙක් වනවා.

හලාවත නගරයේ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන එම සිසුවා පසුගිය සති අන්තයේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ඇති බව දැනට කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත. එම දරුවාව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

දරුවා පදිංචි ප්‍රදේශය සහ ඔහුගේ ආශ්‍රිතයින් සොයා සෞඛ්‍ය අංශ විසින් ඊයේ රාත්‍රියේ සිටම විමර්ශණයක් ආරම්භ කර ඇත. ආසාධිත දරුවාව මේ වන විට හලාවත මහා රෝහලේ සැක සහිත කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්