ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ ඇති චීන චීන රජයේ රාජතාන්ත‍්‍රික නියෝජිතයන් නිරෝධායනයට ලක් නොකල බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඔවුන් චීනයේදි කොරෝනා පරීක්ෂණ සිදුකර පැමිණෙන බවක් මෙරටද නැවත වතාවක් එම පරීක්‍ෂණ සිදුකරන බවත් සෞඛ්‍ය ඇමැතිවරිය පැවැසීය.

ඊයේ පස්වරුවේ චීන ගුවන් යානාවකින් 26 දෙනෙකුගෙන් සමන්විත චීන රාජතාන්ත්‍රික දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන රජයේ උසස් තනතුරු දරන පිරිස් සිටී.

එම නියෝජිතයන් අද දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීවටද නියමිතව ඇත.

එම හමු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද උපරිම ලෙස අනුගමනය කරමින් සිදුවන බවද සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

එම පිරිස දෙදින සංචාරය නිමා කර අද දිනයේ මෙරටින් පිටව යාමට නියමිතය.

මෙන්න බලන්න තවත් පුවත්