රිය අනතුරකින් රෝහල්ගතකර සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවෙක් වන නජීබ් ටරාකායි ජීවිතක්ෂයට පත්ව තිබේ.

නජීබ් මියයන විට 29හැවිරිදි වියේ පසුවිය.

පසුගිය සතියේදී සිදුවු රිය අනතුරකින් තුවාල ලැබු නජීබ් ටරාකායි රෝහල්ගත කෙරුණි.

දින ගණනාවක් ප්‍රතිකාර ලැබු නජීබ් අද (06) උදෑසන මිය ගිය බව ඇෆ්ගිනස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

නජීබ් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විස්සයි විස්ස තරග 12ක් ක්‍රීඩා කරමින් ලකුණු 258ක් රැස්කර ඇති අතර එක් එක්දින තරගයකට සහභාගී වී තිබේ.

ඔහු 2017 වසරේ පැවති 20-20 තරගයකදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 90ක් වාර්තා කළ අතර එය ඔහුගේ ක්‍රිකට් දිවියේ ඔහු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

මෙන්න බලන්න තවත් පුවත්