කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (06) රාත්‍රියේ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවරුපවාහිනී වැඩසටහනකට සජීවීව සම්බන්ධවෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

මේ අතර රුපවාහිනී නාලිකා වල නිල ලාංඡනය භාවිත කරමින් “අද දිනයේ දිවයිනටම ඇඳිරි නීතිය පැනවෙන බවට“ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්