කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටතට පැමිණ තම ආධාරකරුවන් පුදුමයට පත් කරමින් ඔවුන්ට ආචාර කර තිබේ.

මුඛ ආවරණයක් පැළඳ රෝහලේ සිට පිටතට පැමිණි ඔහු මෝටර් රථයට නැගී ආධාරකරුවන්ට ආචාරය පළ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන්කෝටී පනස් තුන්ලක්ෂ 88,157 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දස ලක්ෂ 41,537 ක් ලෙසය.

ගතවූ පැය විසි හතරේ වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්