ඉන්දියාවේ බොහෝ දෙනෙකුට කොවිඩ් හේතුවෙන් මියගිය සිය සමීපතමයින්ගේ අවසන් කටයුතු නිසියාකාරව සිදුකිරීමට නොහැකි වී තිබේ.

ඒ, කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති දැඩි සීමා හේතුවෙනි.

මේ වනවිට ඉන්දියාව තුළ කොවිඩ් මරණ ලක්ෂයේ සීමාව පසුකර තිබේ.

ඉන්දියාව තුළ මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිදුකරන අවසන් චාරිත්‍ර සංකීර්ණ ක්‍රියාදාමයක් ලෙස සැළකේ.

ආසාදිතයන්ගේ මළ සිරුරුවලින් වෛරසය ව්‍යාප්ත වනු ඇතැයි බියෙන්, අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගීවීමට අවසර ලබාදී ඇත්තේ සීමිත පිරිසකට පමණි.

ඉන්දියාවේ අගනගරයේ ප්‍රධාන මුස්ලිම් සොහොන් පිටියේ තත්ත්වය ඉතා ව්‍යාකූල අතට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙන්න බලන්න තවත් පුවත්