රිෂාඩ් බදියුදීන්ට හෝ විපක්‍ෂයේ වෙන ඔ්නෑම අයෙකුට 20 වන සංශෝධණයට පක්‍ෂව ඡන්දය ලබා දීමට හැකි බවත් එය ඔවුනගේ අයිතියක් බවත් රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පවසයි.

එසේ ඡුන්දය දුන්නා කියා ඔවුන්ට ආණ්ඩුවට එක්වීමට හෝ ආණ්ඩුවට එක්වී වරප‍්‍රසාද ලැබීමට හෝ අවස්ථාවක් නොදෙන බවද ඔහු සදහන් කරයි.

20 වන සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය 150ක ඡුන්ද ප‍්‍රමාණය දැනටමත් ඇති බවත් එය අනිවාර්යෙන්ම සම්මත වන බද ඔහු කියා සිටියේය.

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මෙන්න බලන්න තවත් පුවත්