රහසිගත රහස් පොලිස් වාර්තා පහක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබුණේ කෙසේද යන්න ගැන රජය විමර්ශන අරඹා ඇත.

මේ රහස් පොලිස් වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලැබුණු බව මානව හිමිකම් කවුන්සිල වාර්තාවකින් අනාවරණය වී තිබිණි.

මෙම රහස් වාර්තාවලින් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉලක්ක කර තිබුණි.

යුද හමුදා බුද්ධි නිලධාරීන්ට බලපෑම් කර ලබාගත් කටඋත්තරද එම වාර්තාවලට ඇතුළත් කර තිබූ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසීය.

මෙම රහස් පොලිස් වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා ඇති බව හිටපු ජනපති සහ පොලිස්පති වෙතද අනාවරණය වී නොතිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්