යාපනය කෝපායි පොලිස් වසමේ නීර්වේලී මංසන්ධියේ පිහිටි නිවසක් වෙතට (30) රාත්‍රියේ එකවරම ඇතුලු වූ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ සිටි මව හා පුතා තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

යතුරුපැදි තුනකින් 6 දෙනෙකු පමණ රාත්‍රියේ එකවරම කඩා වැදී පළමුව පෙට්‍රල් බෝම්බයක් එල්ල කොට අනතුරුව නිවසේ සිටි තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඇත. එම අවස්ථාවේදී තම පුතා බේරාගැනීමට මව උත්සහ ගැනීමේදී පැමිණි පිරිස් විසින් මවට තියුණු ආයුධ වලින් පහර දී නිවසේ උපකරණ වලටද දැඩි හානි කොට පලා ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

තුවාල ලත් තරුණයා මීට පෙර ප්‍රහාරයකට ලක් වී රෝහලගත කොට සිටින  ධනු රෝක් කල්ලි නායකයාගේ සමීපතම මිතුරෙකු වන අතර ප්‍රතිකාර ලබමින් සිටන ධනුරොක් නැමත්තා බැලීමට රෝහලට ගොස් ආපසු නිවසට පැමිණීමෙන් පුසව මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවටද අනාවරනය වී ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි තරුණයෙකු හා ඔහුගේ මව වූ 50 හැවිරිදි කාන්තාවක් බවට පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්