අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙපනිටා ට‍්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පරීක්ෂණවලින් මෙය බව තහවුරු වූ බව ඇමරිකානු ජනාධිපතිවරයා තම ටිවිටර ගිණුමේ සටහන් කර ඇත.

තමන් නිරෝධායනය සදහා යොමුවන බවත් ඉක්මනින් සුව වී පැමිණෙන බවත් එම සටහනේ සදහන්ය.

ඇමරිකානු ජනාධිපති වරයාගේ කාර්ය මණ්ඩල නිලධාරිනියක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කරණ ලද පරීක්ෂණවලදී ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඇමරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම කොරෝනා වෛරසය නොතකා කටයුතු කල අතර මුඛ ආවරණ පැළඳීහස ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලදී.

ලෝකයේ සියළුම පුවත් සේවා මෙමබ පුවත විශේෂ පුවතක් ලෙස වාර්තා කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්