20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අග්‍රාමාත්‍යවරයාගේ බලය අඩු නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ පාර්ශවයන් තුලද සංශෝධනය ගැන විවිධ මත ඇතත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ඒකමතික තීන්දුවක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

සංශොධනය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට තමන් විසින් පත් කල කමිටුවේ නිර්දේශ කාරක සභා අවස්ථාවේ ඇතුලත් කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.

අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවේදී ඔහු මෙම අදහස් පල කලේය.

මෙන්න බලන්න තවත් පුවත්