පොල් මිල තීරණය කිරීමට එහි වට ප්‍රමාණය මැනීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ද විරෝධය පළ කරයි.

අදාල ගැසට් පත්‍රයේ යම් ගැටලුවක් ඇති බව පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පොල් ගෙඩියක් ගැනීමට ටේප් එකක් ගෙනයාමට සිදුවීම ගැටලු සහගත බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරන්නේ පොල් මැනීම සඳහා කිසිදු උවමනාවක් නැති බවත් මෙරට ජනතාව ලොකු පොල් පොඩි පොල් හොඳින් හඳුනන බවත් ය.

එනිසා මෙම පොල් මැනීමේ සූත්‍රය අනවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.

මේ අතර වාර්තා වන්නේ මෙම පොල් මැනීමට පළ කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුලින්ම දැඩි විරෝධයක් එල්ලවෙමින් ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්