තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

තමන් මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් ඇතත් එය තීරණය කළ යුත්තේ මෙරට ජනතාව විසින් බව ද ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණීමෙන් පසු පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

කෙසේ නමුත් තමන් මේ දවස්වල කිසිදු දේශපාලනයක් නොකරන බවත් නිවසට වී ටික්-ටොක් පමණක් සිදුකරන බවත් ඔවු තව දුරටත් කියා සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්