20 වැනි ව්‍යවස්ථා සංශෝධනය බිල්ලෙකු යයි ඇතැමුන් මවා පෑමට උත්සාහ දරන බව රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මෙමගින් සිදු කරන්නේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ඇති කළ අර්බුදයෙන් රට නිදහස් කර ගැනීම බව ද ඔහු කියා සිටියේය.

20 වන සංශෝධනය සිදුවන්නේ 19 සංශෝධනය සම්පූර්ණ ඉවත් කිරීම මිස වෙන කිසිදු දෙයක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ රාගම ප්‍රදේශයේදී නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.

මෙන්න බලන්න තවත් පුවත්