20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වැරදි අඩුපාඩු ගණනාවක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ඒ ගැන නිරීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එම කමිටුවේ යෝජනා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී භාර දෙන බවද ඔහු කියා සිටියේය.

ජනමතයට පිටුපා වැඩ කිරීමට ශ‍්‍රීලනිපය සූදානම් නැති බවත් මහලේකම්වරයා තව දුරටත් පැවසීය.

චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප‍්‍රදානත්වයෙන් හොරගොල්ල බණ්ඩානායක සමාධිය අසල පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්