පොල් මිල සඳහා පාලනයක් ඇති කළ විට ඒ සඳහා ජාවාරම්කාරයන් විහිලු කරන බවද වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනතාව පොල් මිලදී ගැනීමට ගොස් ඒවා මැන මැන ඉන්නේ නැති බවත් ඔවුන් පොල් ගෙඩියේ වටිනාකම ප්‍රායෝගිකව ජීවිතෙන් ඉගෙන ගෙන ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

නව නීතිය අනුව පොල් ගෙඩියක් විකිණිය හැකි උපරිම මිල රුපියල් හැත්තෑවක් බවත් එමගින් පාරිභෝගිකයන් ආරක්ෂා වන බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු ඇමතිවරයා මාධ්‍ය වෙත මේ අදහස් පල කලේය.

මෙන්න බලන්න තවත් පුවත්