පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සහාය දීමට සූදානමින් සිටින බව ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු දැනටමත් අවසන් කර ඇතැයිද ඇය ඔහු කියා පැවසීය.

ඇතැම් විට ආණ්ඩුව සමග එක්වන මන්ත්‍රී සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ යා හැකි යැයිද ඔහු කීය.

විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු හෝ දෙදෙනෙකු එක් කර ගැනීමට ආණ්ඩුවට අනිවාර්යෙන්ම සිදුව තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්