ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරඟය සහ නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය කල් දැමීමට සත්කාරක ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් එම තීරණය ගෙන ඇත. එම තරඟාවලි 2021-22 කාලසීමාවේදී පැවැත්වෙන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පවසයි.

නමුත් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරඟ 4ක්, එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් සහ විස්සයි විස්ස තරඟ 3කට සහභාගීවීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතය.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් සඳහා නවසීලන්තයේ සංචාරය කිරීමට එරට රජය අවසර ලබා දී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්