ජනප්‍රිය ඉන්දීය නිළියක් වන දීපිකා පදුකෝන් ගෙන් එරට මත්ද්‍රව්‍ය මණ්ඩලය ප්‍රශ්න කරන බව වාර්තා වේ. ඒ, පසුගියදා සියදිවි හානි කරගත් සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණය හා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයේ එක් පියවරක් වශයෙනි.

ඇය ඇතුළු හය දෙනෙක්ගෙන් බලධාරීන් ප්‍රශ්න කිරීමට නියමිත අතර තවත් නිළියන් දෙදෙනෙක්ගෙන් ඊයේ (26) ප්‍රශ්න කෙරුණ බව සඳහන් ය.

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේ චෝදනාව මත රාජ්පුත් ගේ පෙම්වතිය, රියා චක්‍රබෝර්ති මේ මස මුලදී අත්අඩංගුවට ගැනුණි. නමු ඇය එම චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

සුරූපී සිනමා තාරකාවන් වන සාරා අලි ඛාන්, ශ්‍රාඩා කපූර් ගෙන් ඊයේ දින ප්‍රශ්න කිරීමට නියමිත අතර තවත් නිළියක් වන රාකුල් ප්‍රීට් සිං ගෙන් පෙරේදා ප්‍රශ්න කර තිබේ.

සුශාන්ත් සිං රාජ්පුත් ගේ සිරුර ඔහුගේ කාමරයේ තිබී ජුනි 14 වැනිදා සොයා ගැනිණි. පොලීසිය පැවසුවේ ඔහු සිය දිවි හානි කරගෙන ඇති බවය.

එම මරණයෙන් පසුව ඉන්දීය පොලීසිය විසින් බොලිවුඩ් සිනමාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සහ එහි පාර්ශ්ව පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්