ජපාන සමාගමක් අඩි 60ක් පමණ උසැති සහ බරින් ටොන් 24ක් පමණ වන දැවැන්ත රොබෝවක් නිර්මාණය කර තිබේ. එය සජීවී මිනිසෙක් මෙනි.

1970 දශකයේදී ප්‍රකටව පැවති බව පැවසෙන “Mobile Suit Gundam” නම් ටෙලිවිෂන් වැඩසටහනෙහි රෝබෝවකට එය සමාන බව විදෙස් මාධ්‍ය පවසයි.

ජපානයේ යොකොහාමා නගරයේදී එම නව නිපැයුම අත්හදා බලා ඇති අතර ට්විටර් ඔස්සේ හුවමාරුවෙමින් ඇති වීඩියෝවක දැක්වෙන්නේ එම රොබෝ අන් අයට ආචාර කරමින් ඇවිද යන බවය.
   
වානේ සහ කාබන්-ෆයිබර් ප්ලාස්ටික් මිශ්‍රණයක් යොදාගෙන නිර්මාණය කළ කොටස් 200න් රොබෝව සමන්විත බව සකස් කළ සමාගම පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්