පසුගිය රජයේ නිවාස හා සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාසගේ පාලනය යටතේ එම අමාත්‍යංශය තුළ අති විශාල වශයෙන් වංචා දූෂණ සිදු වී ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරමින් ඇති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පලකලේ සර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමිනි.

මෙම කටයුතු සිදු කර ඇත්තේ නීතියක් ක්‍රමවේද සියල්ල නොතනමින් බවත් ඇමතිවරයා පැවසීය.

යම් හෙයකින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස අත්අඩංගුවට ගතහොත් තව දුරටත් ඔහුගේ නායකත්වය පිළි ගන්නේ දැයි රාජ්‍ය ඇමතිවරයා සමගි ජන බලවේගය මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්ගෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසුයේ වර්තමාන ආණ්ඩුව වඩාත්ම බිය වී සිටින පුද්ගලයා සජිත් ප්‍රේමදාස බවත් ඔහු කොටු කිරීමට උත්සාහ දරමින් ඇති බවත්ය.

සජිත් ප්‍රේමදාස මේ රටේ බලය 2024 දී ලබාගන්නා බව දන්නා ආණ්ඩුව ඔහුව කොටු කිරීම සියලු උත්සාහ දරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්