එවරස්ට් කන්ද තරණය කිරීම පහසු කටයුත්තක් නොවේ. නමුත් එය 10 වරක් තරණය කිරීම සුවිශේෂී දක්ෂතාවයකි.

එසේ, එවරස්ට් කන්ද 10 වරක් තරණය කළ පළමු පුද්ගලයා වන නේපාලයේ “අන්ග් රීටා ශර්පා” ඊයේ මියගොස් තිබේ.

දීර්ඝ කාලයක් රෝගීව සිටි අන්ග් රීටා, මියයන විට 72 හැවිරිදි වියේ පසුවිය.

ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් උසින් ආඩි 29,035කි. 1983ත් 1996ත් අතර කාලයේදී දස වරක් එය තරණය කිරීමට ඔහු සමත් වී තිබේ.

ඔහු එහිදී ඔක්ෂිජන් බෝතල් භාවිත කර නොමැති බව ද වාර්තා වේ.

කාලයක සිට මොළයේ සහ අක්මාවේ මතු වූ ආබාධ හේතුවෙන් රෝගීව හිටි “අන්ග් රීටා ශර්පා” කත්මන්ඩු හි පිහිටි තම නිවසේදී අවසන් හුස්ම හෙළු බව විදෙස් මාධ්‍ය පැවසීය.

කඳු තරණයට ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් “අන්ග් රීටා ශර්පා” “හිම දිවියා” යන අනවර්ථ නමින් ද ප්‍රකටව සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්