මෑතකදී ආන්දෝලනයකට ලක්වූ හන්තාන ප‍්‍රදේශයේ හෙළි පෙහෙළි කරන ද ඉඩම තම සින්නක්කර ඉඩමක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ සඳහන් කර ඇත.

ඊට අදාළ ලිපි ලේඛන පවා ඔහු අග්‍රාමාත්‍යවරයාට පෙන්වා ඇතැයිද වාර්තා වෙයි.

එනිසා මේ සම්බන්ධයෙන් සිදුකරන නීතිමය කටයුතු පදනමක් නැති නිසා එහි තේරුමක් නැතැයිද අගමැතිවරයාගෙන් විමසා තිබේ.

කෙසේ නමුත් මේ වන විට ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට විරුද්දව නඩු පැවරීමට දැනටමත් අදාලි ආයතන විසින් කටයුතු කර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරන්නේ හන්තානේ තම ඉඩම ආසන්නයේම පිහිටි අනෙක් ඉඩමේ විශාල ගොඩනැගිලි පවා ඉදිකර ඇති බවත් තමන් පරිසරයට ආදරය කරන පුද්ගලයකු ලෙස ඒ කිසිවක් සිදු කර නැති බවත්ය.

මෙන්න බලන්න තවත් පුවත්