චීන සමාගමක් සතු WeChat ජංගම දුරකථන යෙදවුම තහනම් කිරීමට අමෙරිකාව ගත් උත්සාහය එරටෙහි විනිසුරුවරයෙක් විසින් වළකා තිබේ.

අමෙරිකානු මහෙස්ත්‍රාත් විනිසුරු ලොරල් බීලර් පැවසුවේ එම තහනම හේතුවෙන් එරට ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය හරහා සහතික කර ඇති නිදහස් භාෂණ අයිතියට ගැටලු මතුවන බවය.

WeChat වැනි චීනය සතු ජංගම දුරකථන යෙදවුම් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ට්‍රම්ප් පාලනය පවසයි.

ඔවුන් පවසන්නේ ඒ ඔස්සේ ග්‍රාහකයන්ගේ තොරතුරු චීන රජයට ලබාගත හැකි බවයි.

මෙන්න බලන්න තවත් පුවත්