විසිවෙනි සංශෝධනය සම්මත වීමට පෙර ම ජනාධිපතිවරයා විසින් සිය බලතල පාවිච්චි කරමින් ආණ්ඩු පක්ෂය ඩෝසර් කරන්න පටන් ගෙන ඇතැයි ජනතා විමුක්ති සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙන්වා දෙන්නේ විසිවන සංශෝධනය සම්මත වූවොත් දැඩි ඒකාධිපති පාලනයකට යනු ඇති බවයි.

එම සංශෝධනය මුලින්ම එරෙහි වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නිසා එය සම්මත කිරීමට ඡන්දය ලබා නොදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

20 වන සංශෝධනය සම්මත විටම වීමටත් පෙරම කැබිනට් ඇමතිවරු රූකඩ බවට පත් වී යැයිද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

මෙන්න බලන්න තවත් පුවත්