ගිනිඅවි, ජීව අත්බෝම්බයක් හා හෙරොයින් සමග විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරියෙකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයට ලද තොරතුරක් මත ඊයේ (17) සවස 3.30ට පමණ අලුත්ගම පොලිස් වසමේ පාදාගොඩ ප්‍රදේශයේ දී ද්‍රව්‍ය රැසක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දේපල පහතින් දැක්වේ.

01.විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනිඅවි – 01
02.විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ – 01
03.මිලිමීටර් 9 සජීවි පතරොම් – 07
04.ටී 56 සජීවි පතරොම් – 05
05.බෝර 12 සජීවි පතරොම් – 05
06.විවිධ දිගින් යුතු කඩු – 02
07.වෙඩි නොවදින කබායක්

  1. ගෑස් මුහුණු ආවරණයක්
    09.සයිනයිඩ් කරලක්
    10.හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 23ක්
    11.යුද හමුදා ඇඳුම් කිහිපයක්

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වු පාදාගොඩ, බේරුවල ලිපිනයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

සැකකරු අද (18) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත ය.

අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්