ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වීමෙන් අනතුරුව, ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් සමග සබඳතා සාමාන්‍යකරණය සඳහා ඊශ්‍රායලය විසින් ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පැවති අවස්ථාවේදී ය.

එම උත්සවය ඊයේ (16) ඇමෙරිකාවේ දී පැවැත්විණි.

පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර 15ක් එල්ල කර ඇති අතර ඉන් ඊශ්‍රායල වැසියන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

නමුත් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර නිසා කිසිවෙක් තුවාල ලබා නොමැති බව විදෙස් මාධ්‍ය පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්