කොවිඩ් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දීය වෛද්‍යවරු 382 ක් මේ වන විට මියගොස් ඇතැයි ඉන්දීය වෛද්‍ය සංගමය පවසයි.

කොවිඩ් වැළඳී මියගිය ළාබාලතම ඉන්දීය වෛද්‍යවරයාගේ වයස අවුරුදු 27 ක් වන අතර වයස්ගතම වෛද්‍යවරයා 85 වන වියේ පසුවූ බවට සඳහන් වේ.

මේ අතර, ඉන්දියාව පුරා සිරකරුවන් 351ක් දෙනෙකු කොවිඩ් වෛරසයට ගොඳුරු වී ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

ඊයේ දිනයේ දී ද ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වු රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ නව ආසාදිතයින් 97,859 ක් සමගින් ය.

ඉන්දියාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 5,118,253 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 83,230කි.

මේ වන විට ඉන්දියාවේ පුද්ගලයින් 4,025,079 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්