වෙලේ සුදා හා ආමි සම්පත් නම් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාගේ සමීපතමයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෙරෝයින් ද සමගින්.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන සුමීර මධුසංඛ නොහොත් “රේල්පාරේ සුමීර“ නැමැත්තා අද පෙරවරුවේ කොටහේනේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 200 ක් සොයාගත් බව පොලීසිය පැවසුවේ ය.

මොහු ආමි සම්පත් නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙක් ද වෙයි.

මේ අතර මීගොඩ දී හෙරෝයින් ග්‍රෑම් 06 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පාදුක්ක බටහිර හොරගොල පිහිටි එම සැකකරුගේ නිවසේදී ය.

මොහු මරණිය දණ්ඩනය නියම වී සිටි වෙලේ සුදාගේ සමීපතම ඥාතියෙක් ද වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්