පාකිස්තාන හමුදා විසින් මතභේදයට තුඩු දී ඇති ජම්මු – කාශ්මීර දේශසීමාවේ දී ඉන්දීය හමුදා කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සිද්ධිය ඊයේ වාර්තා විණි.

රාජුරී දිස්ත්‍රික්කයේ, සුන්දර්බානි නම් ප්‍රදේශයේදී පාකිස්තාන හමුදාව විසින් ඉන්දීය හමුදා කණ්ඩායමක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් මියගොස් තිබේ.

ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේ මෝටාර් සහ බර අවි යොදාගෙන එම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් එම ප්‍රහාරය එල්ල කර ඇති බව ජම්මු ප්‍රදේශයේ සිටින ආරක්ෂක අංශ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්