කොවිඩ්-19 වෛරසයට එරෙහිව චීනය විසින් නිපදවන ලද එන්නත් ලබන නොවැම්බර් මාසයේදී සාමාන්‍ය ජනතාව සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

චීනය විසින් නිපදවා ඇති එන්නත් 4ක්  මේ වනවිට සායනික අත්හදාබැලීම් මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන් එන්නත් 3ක් දැනටමත් එරට අත්‍යවශ්‍ය සේවාවල නියුතු සේවකයින් වෙත පසුගිය ජුලි මාසයේදී එළිදැක්වූ කඩිනම් වැඩසටහනක් යටතේ ලබාදුනි.

 රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ විශේෂඥ ගුවිශන් වූ පැවසුවේ ඇය එම එන්නත පසුගිය අප්‍රේල් මාසයේදී ලබාගත් බවත් එයින් තමාට පසුගිය මාස කිහිපයේදී කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් නොදැනුණු බවත්ය.

ඒ අනුව නොවැම්බර් මාසය මුලදී අදාළ එන්නත් සාමාන්‍ය ජනතාවට භාවිතයට ගැනීම සඳහා ලබාදෙන බව චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්