නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ හොරගොල්ල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහනුවර දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ නවතා තිබූ කාර් රථයක හා ජීප් රථයක ගැටී මාර්ගයේ ඇදී ගොස් අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වු පෑලියගොඩ දිසා රථවාහන කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි. ඔහු පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

අනතුරට පත් අනෙක් නිලධාරියා ද පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (13) සවස 340ට පමණ එම අනතුර සිදුව ඇති අතර, නිට්ටඹුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්