ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 97,570 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය දිනක් තුළ එක් රටකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව වාර්තා වේ.

ඊයේ (11) දිනයේ ඉන්දියාවේ කොරෝනා මරණ 1201 ක් ද සිදුව තිබේ.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,659,984 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ථ මරණ සංඛ්‍යාව 77,472 ක් වේ.

කෙසේවෙතත් සමස්ථ ආසාදිතයින්ගෙන් හතරෙන් තුනක පිරිසක් මේ වන විටත් පූර්ණ සුවය ලබා ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්