20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇති බවත් ඒවා නිවැරදි කර නොගෙන මාධ්‍යයට ගොස් අදහස් පලකිරීමට අසීරු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී ය.

ඇමතිකම් තිහක උපරිමයක් සීමා කිරීමට තිබූ වගන්තිය ඉවත් කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බව ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග මෙම 20 වැනි ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත ගැටෙන බව ද ඔහු සදහන් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්