කොළඹ ප‍්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසලක උප විදුහල්පති වරයෙකු බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර දකුණ පොලිසියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මතයි.

පානදුර ප්‍රදේශයේ සිසුවා අදාළ උප විදුහල්පති ගේ නිවස ආසන්නයේම පදිංචි කරුවෙකි.

සිංහල භාෂාව ඉගැන්වීම සඳහා මෙම ගුරුවරයා වෙත යොමු කර තිබූ අතර එහිදී වරින්වර දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව හෙළි වූයේ යැයි පොලීසිය සඳහන් කරයි.

මෙම සිදුවීම රහසක් ලෙස තබා ගන්නා ලෙස පවසමින් අදාල උප විදුහල්පතිගෙන් බිරිඳ රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට උත්සාහ කර ඇති බව ද පොලිසිය විසින් හෙළිදරව් කරගෙන ඇත.

මෙන්න බලන්න තවත් පුවත්