ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ පහළරත්කිඳ ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10) රාත්‍රී 7.00 පමණ එම සිද්ධිය සිදු වී ඇති බව වාර්තා වේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි පහළරත්කිඳ, ගිරාඳුරුකොට්ටේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) සිදු කිරීමට නියමිත අතර
ගිරාඳුරුකෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්