මේ වන විට මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ තැනැත්තෙකු පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන අතර
දැන් අවශ්‍ය නම් කථානායකට පෝරකය ගෙනවිත් පාර්ලිමේන්තුවේ සවිකිරීමට හැකි බව
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව අළුගෝසුවාගේ රාජකාරිය කථානායකවරයාට කළ හැකි බවයි ඔහු කියා සිටියේ.

මෙහිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ෆොන්සේකා මහතා අදහස් දැක්වීය.

මෙම සංශෝධනයට එරෙහි වන්නේ ඉතා මහන්සියෙන් රටට ලබා දුන් නිදහස සහ ශක්තිය අහිමිවන ආකාරය දෙස
බලාසිටීමට නොහැකි වීම නිසා බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට ඉදිරියට නොගිය බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ
එය 19යේ වරදක් නොව එවකට නායකයන්ව සිටි ජනාධිපතිගේ හා අගමැතිගේ දුර්වලතාව හේතුවෙන් සාර්ථක කරගැනීමට නොහැකි වූ බවයි.

මෙන්න බලන්න තවත් පුවත්