විටින් විට ගිහියෙක් සහ චීවරධාරියෙක් ලෙස පෙනීසිටිමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු
විසි එක් හැවිරිදි පුද්ගලයෙක් ව වාරියපොළ, දහනෙක්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පුද්ගලයා හෙරෝයින් ජාවාරම සිදුකර ඇත්තේ, එම ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් බව වාරියපොළ පොලීසිය පැවසීය.

චීවරය සහිතව විටින් විට එම නිවසට පැමිණ ගිහියෙකු මෙන් පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

නිවෙස්හිමියා හා තවත් අයෙක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

දැඩිලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති චීවරධාරියෙක් ලෙස පෙනීසිටි එම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙන්න බලන්න තවත් පුවත්