බත්තරමුල්ල තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටියදී වැඩ තහනමකට ලක්වූ ලියුම් බෙදන්නෙකු අද (10) පොලිස් අත්අඩංගුවට පත් විය.

පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් 10ක්,
මත් පෙති 06ක් සහ රුපියල් 43,000ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බවය.

බත්තරමුල්ල, අකුරගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු, 31 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්