කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී තරුණයෙකු හා තරුණයික් එකට ගෙල වැලලාගෙන සියදිවි හානිකොට ගෙන සිටියදී
මළ සිරුරු අද (10) උදෑසන හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

පෙරියපරන්තන් ඕසියර් මන්සන්ධියේ පිහිටි කැලෑබද ප්‍රදේශයක එම තරුණයාගේ සහ තරුණියගේ මළ සිරුරු
ප්‍රදේශවාසියෙකු විසින් දැක පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය එම ස්ථානය ගොස් පරික්ෂණ සිදු කරන ලදි.

සිය දිවි හානකොට ගෙන ඇති තරුණයා හා තරුණිය පසුගය 04 වනදා සිට අතුරුදහන්ව ඇති අතර
මළ සිරුරු සොයාගන්නා අවස්ථාවේද තරමක් නරක් වී තිබුණු බවටද පොලීසිය පවසයි.

මෙලෙස සිය දිවි හානි කොට ගෙන ඇත්තේ පෙරිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සුසිධරන් හා
රත්නපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තනූසියා නැමති අය බවට හඳුනාගෙන ඇත.

ලනුවක් ආධාරයෙන් එකම ගසක එල්ලී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති මෙම යුවල ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන
ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස සිය දිවි හානිකරගන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය සැක පල කර සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්