සාර්ථක කොරෝනා වෛරස එන්නතක් නිෂ්පාදනය කළ පසු
එය ලොව පුරා ප්‍රවාහනය කිරීම සුවිසල් අභියෝගයක් වනු ඇති බව ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති.

ඒ සඳහා බෝයිං 747 ගුවන්යානා 8,000ක් පමණ අවශ්‍ය වෙතැයි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පැවසීය.

මෙතෙක් කොරෝනා එන්නතක් නිෂ්පාදනය කර නොමැති වුව ද, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය මේවන විටත්
ගුවන් සමාගම්, ගුවන්තොටුපළවල්, ලෝක සෞඛ්‍ය ආයතන සහ ඖෂධ සමාගම් සමග ගුවන් ප්‍රවාහන සැලැස්මක් ගැන
අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට කොරෝනා එන්නත් 140ක් පමණ ලොවපුරා දියුණු කෙරෙමින් පවතින අතර
ඉන් එන්නත් 20ක් පමණ සායනික අත්හදාබැලීම් කෙරෙමින් පවතී.

මෙන්න බලන්න තවත් පුවත්