ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව වැඩිදියුණු කරමින් ඇති
කොරෝනා වෛරස එන්නතෙහි අවසන් සායනික අත්හදාබැලීම් තාවකාලිකව නවතා දමා තිබේ.

ඒ, එංගලන්තයේ සිදුකළ අත්හදාබැලීම් වලදී එන්නත දුන් පුද්ගලයෙක් රෝගී වීම හේතුවෙනි.

ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම පැවසුවේ රෝගී තත්ත්වය පිළිබඳ ව වැඩි තොරතුරු හෙළි වී නොමැති බවය.

මෙම සායනික අත්හදාබැලීම් දෙස ලොව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ
කොරෝනා වෛරසය පාලනයට නිසි ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැති බැවිනි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව වැඩිදියුණු කරමින් ඇති
මෙම එන්නත සාර්ථක වෙතැයි බලාපොරොත්තු බොහෝදෙනා තුළ ඇත.

මෙම එන්නතෙහි පළමු සහ දෙවැනි අත්හදාබැලීම් සාර්ථක විය.

එහි තෙවැනි පෙළ අත්හදාබැලීම් සඳහා 30,000ක පමණ පිරිසක් සහභාගී වී තිබේ.
ඔවුන් අමෙරිකාව, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාවේ එම අත්හදාබැලීම කර තිබේ.

මෙවැනි අත්හදාබැලීම් දහස් ගණන් පිරිස් යොදාගනිමින් වසර කිහිපයක් සාමාන්‍යයෙන් කරනු ලබයි.

මෙන්න බලන්න තවත් පුවත්