අධික වේගයෙන් ධාවනය කළ හැකි යානාවක් සාර්ථකව අත්හදාබැලීමට ඉන්දියාව පසුගියදා සමත්ව තිබේ.

එහිදී ශබ්දයේ වේගය මෙන් හය ගුණයක වේගයකින් ගමන්කළ හැකි යානාවක් නිර්මාණය කරගැනීමට ඉන්දියාව සමත්වුණි.‍

මේ නව අත්හදාබැලීමත් සමග ලොව මෙවන් තාක්ෂණයක් අත්පත්කරගත් හතරවැනි රාජ්‍යය බවට ඉන්දියාව පත්වුණි.

ඔවුන්ට අමතරව මේ සමත්කම දක්වා ඇති රාජ්‍යයන් වන්නේ අමෙරිකාව, රුසියාව සහ චීනය පමණි.

යානාව අත්හදාබැලීම ඉන්දියාවේ ගිනිකොණදිග වෙරළතීරය සමීපයේ පිහිටි අබ්දුල් කලාම් දූපතේ දී සිදුකෙරුණි.

අධිවේගී කෘස් මිසයිල නිපදවීමේ ඉන්දියානු වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස මෙය ඉතිහාසයට එක්වන බව
ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්