
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ‘එක්සත් ජනරජ පෙරමුණ’ ජනරජ දිනයේ (මැයි 22) සවස ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී මහත් අභිමානයෙන් යුතුව එළි දැක්විණ.
මේ අවස්ථාව සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම, දේශපාලන පක්ෂ නියෝජනය කරමින්; පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම, නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, ආචාර්ය හර්ෂ ද සිල්වා, විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මුජිබර් රහමන්, ආචාර්ය ගුණපාල රත්නසේකර, පලනි දිගම්බරම්, රාධ ක්‍රිෂ්ණන්, ඒ.එච්.එම්. ෆවුසි, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර, මයන්ත දිසානායක, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ලලිත් එල්ලාවල යන මහත්වරුන් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් කුමාරණතුංග, තිලංග සුමතිපාල, සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර, වීරකුමාර දිසානායක, යන මහත්ම මහත්මීන් ද, හිටපු පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම, ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ රසික ජයකොඩි, ජාතික හරිත පෙරමුණේ පැතුම් කර්නර්, හිටපු නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන, දීප්ති කුමාර ගුණරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද එක්වූහ.
ඊට අමතරව ආචාර්ය ධම්ම දිසානායක, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාව හා සම්බන්ධ විය.