සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අළුයම දිවයිනෙන් පිටත්වගොස් තිබෙනවා

අද අළුයම 12 යි 30 ට පමණ මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයතින් ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බවයිගුවන් තොටුපළ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
හෙට සිට ලබන 27 වනදා දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් නායකයින් දෙපළ එහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්