හෙට මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්රෑම් 12යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කට ආසන්න මුදලකින් අඩු කිරී්මට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ ලිට්‍රෝ ගෑස් මිල ගණන් සංශෝධනය කරන ආකාරය නිල වශයෙන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි.
කිලෝග්රෑම් 12යි දශම 5 වර්ගයේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක වර්තමාන මිල රුපියල් 3,738 ක් වනවා.